About Us
වසර 2010 දී ප්‍රථම වරට කොරියානු භාෂාවට අත්පොත් තැබූ මා මාස තුනක කෙටි ඉගෙනුම් කාලයකින් පසු 2010 වර්ෂයේදී කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයෙන් ලකුණු 200/200 ලබා ගැනීමට සමත් වුනෙමි. විභාගයෙන් සම්පූර්ණ ලකුණු ලැබූවද කොරියාවට යාම සඳහා අවස්ථාව ලැබීමට වසර 1කුත් මාස 6ක කාලයක් බලා සිටීමට සිදුවීම නිසා උගත් භාෂාවෙන් ගමට සේවයක් කිරීමට සිතාගත් මා 2010 වසරේ අග භාගයේ සිටම කොරියානු භාෂාව ඉගැන්වීම ආරම්භ කලෙමි. එහිදි පැන නැගුණු භාෂා ගැටළු විසඳීමට මා විසින් ගත් ක්‍රියාමාර්ගය වූයේ විෂයට අදාල අත්පොතක් නිර්මාණය කිරීමයි. එම නිර්මාණය නිසාවෙන් 2011 වර්ෂයේ පැවැත් වූ කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා ඉදිරිපත් වූ සිසුන් 55කින් 50ක් ඉහලින්ම විභාගය සමත් වීම මා ලද උසස්ම ත්‍යාගයකි. 2012 වර්ෂය දක්වා ගුරුවරයෙකු ලෙස ක්‍රියා කල මා එම වසරේදීම රැකියා අවස්ථාව ලැබී දකුණු කොරියාව බලා පිටත් විමි. කාර්යබහුල කොරියානු ජීවිතය මධ්‍යයේ වුවද කොරියාවේදී 2016 වර්ෂයේදී Topik විභාගයට පෙනී සිටිමින් එහි 4වන අදියර දක්වා ගමන් කිරීමට මා හට හැකි විය.
Samantha Jayawardena
Experienced Korean language teacher
එහිදි ලද භාෂා අත්දැකීම් සහ කොරියානු කථන පුහුණුවද ඉතා හොඳින් හුරු වුනෙමි. දකුණු කොරියාවේ පුරවැසිභාවයට අයදුම් කිරීමට ලත් සුදුසුකමද පසෙක ලා 2017 වර්ෂයේදී ආපසු මව් රට පැමිණි මා නැවතත් ගුරු වෘත්තිය තෝරා ගතිමි. 2018 වර්ෂයේදී විභාගයට මුහුණ දුන් සිසුන් සියලු දෙනා විශිෂ්ට ප්‍රතිඵල ලබා ඉහලින්ම සමත්වීම මාගේ තවත් ජයග්‍රහණයකි. අද වන විට මා වෙතින් කොරියානු භාෂාව ඉගෙනුම ලබන සියලුම සිසුන් හට මා විසින්ම නිර්මාණය කරන ලද අත්පොත් සහ අභ්‍යාස ලබා දී එම පොත් ආශ්‍රිතව ඉගැන්වීම සිදු කරනු ලබයි. මේ නිසා සිංහල ලිවීම සහ කියවීම අපහසු වුවද එය කොරියානු භාෂාව ඉගෙනුමට බාධාවක් නොවනු ඇත. Samantha jayawardana korea යූ ටියුබ් චැනලය සහ ෆේස්බුක් තුළින් ඔබ අතරට පැමිණෙමින් සුවහසක් සිසුනගේ ආකර්ශණීය ගුරුවරයා බවට පත් වූ බවද ඉතා සතුටින් පවසනු කැමැත්තෙමි. ඉදිරියේදී තව තවත් ඔබ හට කොරියානු රැකියා සඳහා මංපෙත් විවර කර දෙමින් පුහුණුවට අවශ්‍ය පාඩම් මාලා ලබා දෙමින් දිවයිනේ ප්‍රධානතම කොරියානු භාෂා ගුරුවරයා වීම මාගේ ඉලක්කයයි.
About Us
I first started learning Korean in 2010, after a short study period of three months, and in 2010, I managed to score 200/200 in the Korean Language Proficiency Examination. Although I scored full marks in the examination, I had to wait 1 year and 6 months to get the opportunity to go to Korea, so I decided to serve the village with the language I learned. I started teaching Korean in late 2010. The action I took to solve the language problems that arose was to create a handbook related to the subject. As a result of that creation, 50 out of 55 students who appeared for the Korean Language Proficiency Examination held in 2011 passed the examination with flying colors, which was the highest reward I received. Having worked as a teacher until 2012, I got a job opportunity and left for South Korea in the same year. Despite my busy Korean life, I was able to take the Topik exam in Korea in 2016 and progress to the 4th stage. The language experience and Korean speaking practice I gained there made me very familiar.
Samantha Jayawardena
Experienced Korean language teacher
The language experience and Korean speaking practice I gained there made me very familiar. I returned to my home country in 2017, leaving aside the qualification to apply for South Korean citizenship, and chose the teaching profession again. Another achievement of mine is that all the students who took the exam in 2018 achieved excellent results and passed with flying colors. Today, all the students who are learning Korean from me are provided with manuals and exercises that I have created myself and are taught based on those books. Therefore, even if it is difficult to write and read Sinhala, it will not be an obstacle to learning Korean. I would also like to say with great pleasure that I have become an attractive teacher for thousands of students by coming to you through the Samantha Jayawardana Korea YouTube channel and Facebook. My goal is to become the leading Korean language teacher in the country, opening up more avenues for Korean jobs for you in the future and providing the necessary training courses.